ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට අලෙවි කරනු ලබන බජාජ් පල්සර් N160 මේ වන විට ශ්‍රී ලංකාවේ තරුණ මෝටර් සයිකල්ලෝලීන් අතර වඩාත් ප්‍රචලිත මෝටර් සයිකලය බවට පත්වී ඇත. DPMC ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම දිවයින පුරා විසිරුණු 220කට අධික ඩීලර්වරුන්ගෙන් බජාජ් පල්සර් N160 ප්‍රීමියම් සහ බජාජ් පල්සර් N160 (සාමාන්‍ය) යන මාදිලි ද්විත්වයම ලබා ගත හැකිය.

පෙරළිකාර විශේෂාංග රැසකින් සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් මෙම මෝටර් සයිකල් සඳහා දිවයින පුරාම ලබාගත හැකි අසමසම අලෙවියෙන් පසු සේවාවක්ද පිරිනැමෙන අතර පල්සර් N160 ශ්‍රී ලංකාවේ හොඳම යතුරුපැදි තේරීම බවට පත් වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ්හි ප්‍රධාන අලෙවි නිළධාරී – වාහන විකුණුම් ලක්මාල් ද සිල්වා මහතා මෙසේ ප්‍රකාශ කළේය.“පල්සර් ශ්‍රී ලංකාවේ තරුණ මෝටර් සයිකල් ධාවකයන්ගේ ඉහළ විශ්වාසයක් දිනා ගනිමින් මෙරට අංක එකේ ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බවට පත්වීම පිළිබඳව අපිට තිබෙන්නේ නිහතමානි ආඩම්බරයක්. පාරිභෝගික ජනතාවගේ ජීවන රටාව සහ ඔවුන්ගේ අපේක්ෂාවන් මැනවින් අවබෝධ කරගනිමින් දේශීය වෙළෙද පොළ වෙත N160 වැනි විශිෂ්ට ගණයේ පල්සර් යතුරුපැදි හඳුන්වාදීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. පසුගිය වසර 20ක දිගු කාල පරිච්ඡේදය තුළ සිදු කළ පරිදිම ඉදිරියටත් නව්‍ය තාක්ෂණය සහ වැඩිදියුණු කළ විවිධ විශේෂාංගයන් මෙරට මෝටර් සයිකල් ධාවකයන් වෙත පිරිනැමීමට අපි බලාපොරොත්තු වෙනවා.”

ස්පෝර්ට්ස් කාණ්ඩයේ මෝටර් සයිකල් සඳහා නව අර්ථයක් පල්සර් N160 මඟින් එක් කරන අතර එහි ඇති වැඩිදියුණු කළ එන්ජිම මඟින් වේගවත් සහ උද්වේගකාරී බවක් මෝටර් සයිකලයට ලබා දෙයි. එමෙන්ම බලය පිළිබදව සැලකූ විට මෙම කාණ්ඩයේ අනෙකුත් මෝටර් සයිකල්වලට වඩා පුළුල් පුනරාවර්තන පරාසයක් ඔස්සේ උපරිම බලයෙන් 85%ක් මෙම මෝටර් සයිකලය ලබා දෙයි. මේ හරහා නාගරික සහ විවෘත මාර්ගවල ගමන් කිරීමේදී සුමට සහ මනා කාර්ය සාධනයකින් යුතු ධාවනයක් වෙත ධාවකයා රැගෙන යනු ඇත.

තවද, ධාවකයාගේ ආරක්ෂාව සහ සුවපහසුව පිළිබඳ විශේෂ අවධානයක් දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පල්සර් N160 වෙතින් 160cc කාණ්ඩය යටතේ ද්විත්ව චැනල ABS පද්ධතියක්ද හඳුන්වා දී තිබීම විශේෂත්වයකී. මෙය තිරිංග පීඩනය වෙනස් කර රෝද අඟුළු වැටීම වැළක්වීම සඳහා ඉවහල් වන අතර ඕනෑම මාර්ගයකදී තිරිංගවල නිසි ක්‍රියාකාරීත්වය තහවුරු කෙරේ. එමෙන්ම මෝටර් සයිකලය නැවත්වීම සඳහා තියුණු ප්‍රතිචාරාත්මක බලයක් මෙහි අන්තර්ගත පුළුල් ඉදිරිපස සහ පසුපස බ්රේක් ඩිස්ක් හරහා ලබා දෙයි.

මෙහි ඇති ද්විත්ව ක්‍රියාකාරී LED projector headlamp සහ naked-wolf LED DRLs මඟින් නව්‍ය පෙනුමක් ලබා දෙන අතර රාත්‍රී ධාවනය සඳහා මනා ආලොකයක් ලබාදෙයි.

ඉදිරිපස අඳුරු පැහැයේ සිට ක්‍රමානුකූලව පසුපස ආලෝකය දක්වා විහිදෙන ආකර්ෂණීය ද්විත්ව වර්ණයන්ගෙන් N160 මෝටර් සයිකලය නිර්මාණය වී ඇති අතර එමඟින් එහි සියුම් වර්ණ රටාව මැනවින් ඉස්මතු කරයි. Pearl Metallic White, Racing Red, Polar Sky Blue සහ Brooklyn Black යන වර්ණ හතරකින් මේ වන විට මෙම මෝටර් සයිකලය ලබාගත හැකි අතර සිය කැමැත්ත පරිදි ගැළපෙන වර්ණයකින් තෝරා ගැනීමට පාරිභෝගික ජනතාව වෙත අවස්ථාව සලසා තිබේ.

පල්සර් N160 මෝටර් සයිකලයේ ක්‍රියාකාරිත්වය සහ සමබරතාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් sporty underbelly ස්ථානගත කර ඇත. එමෙන්ම මෙම මෝටර් සයිකලයේ නවතම විශේෂාංගයක් වන උඩි යටිකුරු කර ඇති ෆෝල්ක් හරහාද මනා පාලනයක් සහතික කරමින් සෑම ගමනක්ම සුවපහසු මෙන්ම විශ්වසනීය ගමනක් බවට පත් කරයි.

ශ්‍රී ලංකාව තුළ පල්සර් මෝටර් සයිකල් සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙන අතර මේ වන විට මෝටර් සයිකල් 500,000කට අධික අලෙවියක් වාර්තා කර ඇත. මේ හරහා පල්සර් සතු අසමසම කාර්ය සාධනය සහ අති නවීන තාක්ෂණය මැනවින් පිළිබිඹු වේ.

පල්සර් N160 මෝටර් සයිකල් පිළිබදව වැඩිදුර තොරතුරු www.dpmco.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 4700600 ඇමතීමෙන් ලබා ගත හැකිය.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism