Regal Filling Station ශ්‍රී ලංකාවේ 50 වැනි ෂෙල් සන්නාමගත ඉන්ධන පිරවුම්හල ලෙස  විවෘත කෙරේ

රීගල් ෆිලින් ස්ටේෂන් (පෞද්ගලික) සමාගම (Regal Filling Station (Pvt) Ltd.) විසින්  ගෝලීය වශයෙන් ඉහළ කීර්තියක් දිනා ගත් සන්නාමයක් වන  ෂෙල් (Shell) සන්නාමය යටතේ පසුගිය දා සිය ඉන්ධන පිරවුම්හල නිල වශයෙන් නැවත ආරම්භ කරන ලදී.  ශ්‍රී ලංකාවේ 50 වැනි ෂෙල් ඉන්ධන පිරවුම්හල  මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම ෂෙල් ඉන්ධන පිරවුම්හල ලෙස මෙය ඉතා වැදගත්  සන්ධිස්ථානයක්  සනිටුහන් කරයි. විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය මෙන්ම සේවාවන් පිළිබඳව කර්මාන්තය තුළ නව අර්ථයක් එකතු කිරීම සඳහා සමාගම විසින් දක්වන ලද කැපවීම වෙනුවෙන් හිමි වූ  සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

ශක්තිමත් පදනමක් සහිත විවිධාංගීකරණය  වූ සමූහ ව්‍යාපාරයක් වන රීගල් හෝල්ඩින්ස් සමූහයට (Regal Holdings Group) අනුබද්ධිත සමාගමක් වන රීගල් පිරවුම්හල  දශකයකට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට උසස් සේවාවක් සපයන ලද අතර එහි ආරම්භයේ සිටම කර්මාන්තයේ ප්‍රමිතීන් ඉහළ නංවා තිබේ. වර්තමානය වන විට එය රටේ ප්‍රථම හා එකම ISO 9001:2015 සහතිකලත් පිරවුම්හල බවට පත් වී ඇති අතර එමඟින් මෙහෙයුම් විශිෂ්ටත්වය, ආරක්ෂාව සහ පාරිභෝගික තෘප්තිය සඳහා සමාගම දක්වන අසමසම කැපවීම පිළිබිඹු වේ.

වසර 60කට ආසන්න කාලයකට පසුව නැවත මෙරටට පැමිණි ෂෙල් සමාගම ආර්.එම්. පාර්ක්ස් (පෞද්ගලික) සමාගම (RM Parks (Private) Limited) සමඟ හවුල්කාරීත්වයකට ප්‍රවේශ වෙමින් දිවයින පුරා  ඉන්ධන පිරවුම්හල්  150ක් නව්‍යකරණය කර  නැවත විවෘත  කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. රීගල් පිරවුම්හල මේ යටතේ විවෘත වූ  50 වැනි නවීන ඉන්ධන පිරවුම් හල බවට පත් වීම සාඩම්රබණීය අවස්ථාවක් වන අතර සමාගමේ කීර්තිනාමය සහ මෙහෙයුම් ප්‍රමිතීන් සඳහා මනා සාක්ෂියක් එමඟින් සපයයි.

2014 දී  ආරම්භ කළ රීගල් පිරවුම්හල නව්‍ය සංස්කෘතිය, ගුණාත්මකභාවය සහ ප්‍රජාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් මෙරට ඉහළම කාර්ය සාධනයක් සහිත ඉන්ධන පිරවුම්හල් අතරට එක් වී ඇත. එහි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වන රෙෂාන් ලියනගේ මහතාගේ  නායකත්වය යටතේ,  සමාගමේ   උසස් මට්ටම සහ කාර්ය සාධනය අඛණ්ඩව වර්ධනය කරගනිමින් රීගල් පිරවුම්හල ඉන්ධන  අංශයේ  පුරෝගාමීයෙකු බවට පත් වී ඇත.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් ලියනගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “රීගල් හෝල්ඩින්ස් හි අපට වඩාත් වැදගත් වන්නේ පාරිභෝගික තෘප්තියයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම සහ ශ්‍රී ලංකාවේ 50 වැනි ෂෙල් ඉන්ධන පිරවුම්හල  බවට පත්වීමට අවස්ථාව ලැබීම අප ඉතිහාසය තුළ ලද විශේෂ භාග්‍යයක් මෙන්ම වැදගත් සන්ධිස්ථානයක්. එමෙන්ම අපගේ සේවාව තුළ අඛණ්ඩව පවත්වාගෙන යන ගුණාත්මකභාවය සහ මෙහෙයුම් ප්‍රමිතීන් පිළිබඳව අප දිනාගත්  ISO 9001:2015 සහතිකය කදිම සාක්ෂියක්.  අපගේ විශ්වාසවන්ත පාරිභෝගික ජනතාවට, මේ වෙනුවෙන් කැපවූ කණ්ඩායමට සහ මෙම  තීරණාත්මක ගමනේදී අප සමඟ රැදී සිටි හවුල්කරුවන් ඇතුළු සියලු දෙනාටම අප ලැබූ මෙම  සාර්ථකත්වය වෙනුවෙන් අපගේ ප්‍රණාමය පුද කරනවා.”

ප්‍රගතිශීලි බව සහ ගෝලීය ව්‍යාප්තියේ දැක්ම ඔස්සේ මෙහෙයවනු ලබන රීගල් හෝල්ඩින්ස් මෑතක දී සිය ජාත්‍යන්තර ගමනේ පළමු පියවර සනිටුහන් කරමින්  රීගල් ගෲප් ඕස්ට්‍රේලියා ප්‍රයිවට් ලිමිටඩ් (Regal Group Australia Pty Ltd.) යටතේ ඕස්ට්‍රේලියාවේ ගිම්පි (Gympie) හි ඉන්ධන පිරවුම්හලක් විවෘත කළේය.  ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වය ලොවට ගෙන යාම සඳහා සමාගම සතු  අභිලාෂය මේ හරහා මැනවින් තහවුරු වේ.

දස වසරක  විශ්වාසනීය සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ඉන්ධන කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වීම පිළිබඳ නව අර්ථයක් එකතු කරමින් රීගල් පිරවුම්හල විශ්වසනීයත්වය, නවෝත්පාදනය සහ ප්‍රජා රැකවරණය යන වටිනාකම් ඉස්මතු කරමින් සිය සේවාවන් පිරිනැමීමට නිරන්තරයෙන් කැපවී සිටියි.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism