දුමිඳු අබේවික්‍රම ලතින් අමෙරිකානු බැඩ්මින්ටන් පිටියේදෙවැනි රන් පදක්කම හඹා යයි

සැප්තැම්බර් මාසයේ මුල් භාගයේ සිට ජාත්‍යන්තර තරග බිමේ ලැබු සාර්ථකත්වයත් සමඟ ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් ක්‍රීඩක දුමිඳු අබේවික්‍රම සිය පස්වැනි ජාත්‍යන්තර පදක්කම දිනා ගැනීමේ අපේක්ෂාවෙන් 14 වැනි Santo Domingo විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය ලැබූ මෙම තරගාවලිය ඩොමිනිකන් රාජ්‍යයේ සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ පැවැත්වෙන අතර, මාස දෙකක් ඇතුළත සිය දෙවැනි ජාත්‍යන්තර රන් පදක්කම බලාපොරොත්තුවන් දුමිඳු අබේවික්‍රම මෙම මස 15 වැනිදා සිය පළමු තරගයට සහභාගි වනු ඇත.

ශ්‍රී ලංකාවේ පිරිමි ඒකල බැඩ්මින්ටන් තරග බිමේ නැඟී එන ක්‍රීඩකයකු ලෙස සිය ගමන් මඟ විවර කරගත් දුමිඳු අබේවික්‍රම වර්තමානයේ ලෝක බැඩ්මින්ටන් පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල 115 වැනි ස්ථානයේ පසු වෙයි.  මේ වනවිට ලතින් අමෙරිකාවේ බැඩ්මින්ටන් තරග බිමේදි රන් පදක්කමක්, රිදි පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වී සිටින ඔහුගේ මෙම දස්කම් ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට යෑමට ද ඉවහල් වී තිබේ.

පසුගිය සැප්තැම්බර් මස අගභාගයේදී ග්වාතමාලා රාජ්‍යයේ පැවැති ග්වාතමාලා ජාත්‍යන්තර අභියෝගතා ශූරතාවලියේදී අඛණ්ඩව තරග 5ක් ජයගනිමින් පිරිමි ඒකල රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත්වූයේ ලෝක බැඩ්මින්ටන් පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල 106 වැනි ස්ථානයේ පසුවන අමෙරිකාවේ මාක් ශෙලී පරාජය කරමිනි. එය ඔහු ලතින් අමෙරිකානු කලාප සංචාරයේදී රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමෙන් පසුව අත්කර ගත් පළමු රන් පදක්කම ද විය.  

සැප්තැම්බර් මස මුල් භාගයේදී ග්වාතමාලා රාජ්‍යයේහිදිම ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ලතින් අමෙරිකානු කලාපයේ සිය දස්කම් උරගා බැලු දුමිඳු අබේවික්‍රම අනතුරුව කොලොම්බියාවේදී සහ  කොස්ටා රිකා රාජ්‍යයේදී පිරිමි ඒකල අවසන් මහා තරග දෙකකට පිවිසීමට ද සමත් විය.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවකු වන දුමිඳු වර්තමානයේ අමෙරිකාවේ සියැටල් නගරයේදී ප්‍රකට බැඩ්මින්ටන් පුහුණුකරුවකු වන රෝහිත් ගව්ඩා යටතේ පුහුණුව ලබමින් සිටින අතර, ලතින් අමෙරිකානු තරගවලදී දුමිඳුට මඟ පෙන්වනු ලැබුවේ ඔහු විසිනි. ශ්‍රී ලංකාවේ ඒකල ශ්‍රේණිගත කිරිම්වල දෙවැනි ස්ථානය අත්කර ගැනීමට සහ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යෑමට එම පුහුණුව ඔහුට ඉවහල් වී තිබේ.. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන යටතේ දුමිඳුගේ මෙම තරග කාලසටහන සම්බන්ධිකරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු යුක්ති පෙරේරා මහතා විසිනි. 

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template