BWF කණිෂ්ඨ මිශ්‍ර කණ්ඩායම් ශුරතාවලියේදීශ්‍රී ලංකාව රටවල් 36කින් 12 වැනි තැන දිනා ගනී

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ  YONEX SUNRISE BWF ජාත්‍යන්තර කනිෂ්ඨ මිශ්‍ර කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලියේ 12 වැනි ස්ථානය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඉන්දියාවේ ගුවහාති නුවරදී 25 වැනි වරටත් පැවැති මෙම ශූරතාවලියට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතව සිටින ලොව ප්‍රබලතම රටවල් 36ක් එක්වී සිටි අතර, ඒ අතරින් 12 වැනි ස්ථානය අත්කර ගැනීම ජාත්‍යන්තර මිශ්‍ර කණ්ඩායම් තරග ඉසව්වකදී ශ්‍රී ලංකාව මෙතෙක් පෙන්නුම් කළ හොඳම දක්ෂතාව ලෙස ද ඉතිහාසයට එක්විය.

මෙහිදී චීනය තරග ඉසව් 6කින් ජයග්‍රහණ තුනක් අත්කර ගනිමින් රන් පදක්කම දිනාගත් අතර, පසුගිය ශූරයන් වන ඉන්දුනිසියාව දෙවැනි ස්ථානයට පත්විය. ජපානය සහ සත්කාරක ඉන්දියාව ලෝකඩ පදක්කම්වලට හිමිකම් කී අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරග 3කින්  ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට සමත්විය.

මූලික වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග වට 2-1ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ තරග වට 2-0කින් පරාජයට පත්වූවද, නේපාලයට එරෙහිව තරග වට 2-0ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලියේ 9 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා වන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. එහිදී පෝලන්තයට එරෙහිව තරග වට 2-1ක ජයක් වාර්තා කරමින්  අවසන් පූර්ව වටයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත පිලිපීනය හමුවේ තරග වට 2-0කින් පරාජයට පත්වූයේ දැඩි සටනකින් පසුවය. එහි ලකුණු තත්ත්වය දිස්වුයේ 40-45ක් සහ 41-45ක් වශයෙනි.

අනතුරුව තරගාවලියේ 11 සහ 12 වැනි ස්ථාන සඳහා තුර්කිය සමඟ අවසන් තරගයට එක්වූ ශ්‍රී ලංකා පිල තරග වට 2-0කින් පරාජයට පත්වූ අතර, මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර මිශ්‍ර කණ්ඩායම් ශුරතාවලියක විශිෂ්ටතම දස්කම් පෙන්නුම් කරමින් රටවල් 36ක් අතරින් 12 වැනි ස්ථානය ලබාගැනීමට සමත් විය. ශක්තිමත් සංවර්ධන වැඩසටහන් තුළින් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ සිය දස්කම් ඉහළ නංවා ගත් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ඩෙන්මාර්කය, කැනඩාව, පෝලන්තය, හොංකොං, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, සිංගප්පූරුව සහ රුමේනියාව අබිබවා ඉදිරියට පැමිණීමට සමත්වීම කැපී පෙනිණි. 

මෙම තරගාවලියේදි සනුද ආරියසිංහ, කෙනෙත් අරුග්ගොඩ, තිසත් රූපතුංග වැනි යොවුන් ක්‍රීඩකයන්ගෙන් ද, සඳති හේවාගාල්ලගේ, පවනි ඉලේපෙරුම සහ විශිෂ්ට යොවුන් ක්‍රීඩකා රනිත්මා ලියනගේ වැනි යොවුන් ක්‍රීඩිකාවන්ගෙන් ද සමන්විත ප්‍රබල කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ බැඩ්මින්ටන් ක්‍රීඩාව ග්‍රාමීය මට්ටමෙන් සංවර්ධනය කරමින් අඛණ්ඩව පුහුණුවීම් සිදු කිරීමට හිටපු සභාපති රොහාන් ද සිල්වා මහතා ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්තිමය පියවර මෙම සාර්ථකත්වයට ඉවහල් වූ අතර, එම දැක්ම පෙරදැරිව ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ඉහළ මට්ටමකට රැගෙන යෑම සඳහා වත්මන් සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සිය කාර්යභාරය අඛණ්ඩව සිදු කරමින් සිටී.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism