සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශුරතාවලියටවාර්තාගත ක්‍රිඩක ක්‍රිඩිකාවෝ පිරිසක්

සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලිය 2026 සඳහා මෙවර
තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ලෙස 503
දෙනකු ලියාපදිංචි වි ඇති අතර, එය ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන්
කරනු ඇත.
කලාපයේ ප්‍රමුඛතම මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලියක් ලෙස ජාත්‍යන්තර
කීර්තිය පිළිබිඹු කරමින් මෙවර තරගාවලිය සඳහා රටවල් 12කින් ක්‍රීඩක
ක්‍රීඩිකාවන් එක්විමට නියමිතය. ඒ සඳහා ඉන්දුනීසියාව. මැලේසියාව.
ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාව රටවලින් අත්දැකීම් බහුල මෙන්ම
ඉහළ දක්ෂතා පෙන්නුම් කරන ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි
වන බැවින් සෑම වයස් කාණ්ඩයක් යටතේම ඉතා තියුණු තරගකාරිත්වයක්
දැකබලාගත හැකි වනු ඇත.
මෙම ශූරතාවලිය ජූනි මස 25 සිට 29 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත
අතර, ඒ සඳහා ලොව පුරා සිටින හිටපු ශූරයන්, ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක
ක්‍රීඩිකාවන් සහ බැඩ්මින්ටන් ක්‍රීඩාලෝලීන් රැසක් එක්වනු ඇතැයි අපේක්ෂා
කෙරේ.
තරගාවලිය පැවැත්වෙන ස්ථාන වන කොළඹ රාජගිරියේ AIR ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාංගනය
ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විතය. නවීන වායුසමීකරණය කරන ලද ගෘහස්ථ ක්‍රීඩාංගන
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පහසුකම් සහිත මෙම ක්‍රීඩාංගනය ක්‍රීඩකයන්ට, නිලධාරින්ට සහ
ප්‍රේක්ෂකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා ඇත.
වාර්තාගත සහභාගීත්වයක් සමඟ ප්‍රබල ජාත්‍යන්තර නියෝජනයක් පවතින බැවින් සිලෝන් මාස්ටර්ස්
ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලිය 2026 මෙතෙක් පැවති තරගාවලි අතරින් වඩාත්ම තරගකාරී මෙන්ම
උද්වේගකර තරගාවලියක් ද වනු නිසැකය.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template