ශ්‍රී ලංකාවේ විශ්වාසදායී සූර්ය පැනල සවි කිරීමේ ව්‍යුහයක් හඳුන්වා දීමට ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය පුරෝගාමී වේ

ශ්‍රී ලංකාවට 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්කයන් කරා ළඟා වීමට සහාය වීමේ පියවරක් වශයෙන් ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය, සූර්ය පැනල සවි කිරීමේ නවීනතම ව්‍යුහයක් (Solar Mounting System) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එම සවි කිරීමේ ව්‍යුහය, වෙරළබඩ ආර්ද්‍රතාවයේ සිට තද සුළං කලාපයන් පවතින මෙරට අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකි වන පරිදි නිර්මාණය කර තිබීම සුවිශේෂීය. ශ්‍රී ලංකාව සුනිත්‍ය බලශක්ති අනාගතයක් කරා ගමන් කරමින් සිටින මොහොතක සුරක්ෂිත සහ විශ්වාසදායක සූර්ය පැනල සවි කිරීමේ ව්‍යුහයක් හඳුන්වා දෙමින්, එම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය කැපවීමෙන් කටයුතු කරනු ඇත.

ස්විස්ටෙක් ඇලුමිනියම් හි සූර්ය පැනල සවිකිරීමේ ව්‍යුහය, මල බැඳීමට ඔරොත්තු දෙන උසස් තත්ත්වයේ ඇලුමිනියම් වලින් නිමවා ඇති අතර, ඒවා ඇස්බැස්ටෝස්/සිමෙන්ති තහඩු, රැළි සහිත වානේ තහඩු සහ උළු වහලයන්ගෙන් සමන්විත නිවාස සහ ව්‍යාපාරික ස්ථානයන් සඳහා වඩාත් යෝග්‍ය වන පරිදි සකස් කර තිබේ. ශක්තිමත්භාවයට හානියක් නොවන පරිදි සැහැල්ලු ලෙස නිර්මාණය කර ඇති මෙම ව්‍යුහයන් පහසුවෙන් සහ කාර්යක්ෂම සවි කළ හැකි අතර, භූගත කිරීමේ සහ අකුණු ආරක්ෂණ විශේෂාංගයන් ද ඇතුළත් වන හෙයින් පූර්ණ අනුකූලතාවයකින් යුතුව ආරක්ෂාව සහතික කරනු ලබයි.

‘‘‍පාරිභෝගිකයින් බොහෝ වෙලාවට සූර්ය පැනල සහ ඉන්වර්ටර් වලට ප්‍රමුඛ අවධානයක් ලබා දීමට කටයුතු කරන නමුත්, සවි කිරීමේ ව්‍යුහයත් ඒ හා සමානව වැදගත් වන බව අමතක කරනවා. අපගේ මෙම සැකසුම් ව්‍යුහය, ශ්‍රී ලංකාවේ දුෂ්කරතම දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇති අතරම, වසර 10ක වගකීමක් සමගින් දැඩි සුළං ප්‍රතිරෝධයක් හමුවේ වුවද ඕනෑම වහලයකට ගැලපෙන අයුරින් සකස් කර තිබෙනවා. වසර 25ක පමණ කාලයක් භාවිතා කළ හැකිය යන විශ්වාසයෙන් සූර්ය පැනල පද්ධතියකට ආයෝජනය කරන විට, සවි කිරීමේ ව්‍යුහයේ කල්පැවැත්ම සහ ආරක්ෂාව පිළිබඳවත් පාරිභෝගිකයින් සැලකිලිමත් වීම අනිවාර්යයි. එසේ නොවුණහොත් වැරදි තෝරා ගැනීම් හමුවේ වහල කාන්දු වීම්, හානි සිදුවීම් හෝ සූර්ය පැනල පද්ධතිය පවා අක්‍රීය විය හැකියි’’ යනුවෙන් ස්විස්ටෙක් ඇලුමිනියම් හි ප්‍රධාන විධායක නිලධාරී තිලාන් ධර්මරත්න මහතා සඳහන් කළේ ය.

ස්විස්ටෙක්හි සවි කිරීමේ ව්‍යුහය වසර 30 කට වැඩි කාලයක් පවතින පරිදි සකස් කර ඇති අතර, පැතලි වහල, බිම් ස්ථාපනයන් සහ ඉහළ සූර්ය පැනල ව්‍යුහයන් ඇතුළත් කාර්මික සහ ව්‍යාපාරික ඕනෑම ස්ථානයකට භාවිත කළ හැකි වේ. ස්විස්ටෙක් හි නිෂ්පාදන විසඳුම් සඳහා ISO 9001:2015 – තත්ත්ව කළමනාකරණය, ISO 14001:2015 – පාරිසරික කළමනාකරණය, ISO 50001:2018 – බලශක්ති කළමනාකරණය, ISO 14064-1:2018 & ISO 14064-3:2019 – හරිතාගාර වායු සත්‍යාපනය සහ ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (2021–2025) හරිත ලේබල් සහතිකය ඇතුළු පුළුල් පරාසයකින් යුත් ජාත්‍යන්තර සහතික රැසක් හිමි කර ගෙන තිබීමෙන් ස්විස්ටෙක් නිෂ්පාදනයන්හි විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු වේ.

වසර 15 කට වැඩි කාලයක් පුරාවට ලද විශ්වසනීය කාර්ය සාධනයක් සහ ශ්‍රී ලංකාව පුරා සූර්ය බලශක්ති සමාගම් 400කට අධික සංඛ්‍යාවක විශ්වාසය සමගින් ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය, පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රයක් නිර්මාණය කරලීම උදෙසා ‍කැප වී සිටී. එපමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ සහතික කිරීම් සහ තිරසාරභාවය කෙරෙහි දැඩි අවධානයකින් කටයුතු කරන ස්විස්ටෙක් ඇලුමිනියම්, ශ්‍රී ලංකාව හරිත හා බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක නිරත වේ.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism