එලිෆන්ට් හවුස්, Reliance Consumer Products සමඟ එක්ව Campa සිසිල් බීම සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයිAugust, 11, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන Ceylon Cold Stores, ඉන්දියාවේ Reliance Consumer Products Limited (RCPL) සමඟ හවුල්කාරිත්වයකට එළඹෙමින්, ජනප්‍රිය Campa සිසිල් බීම සන්නාමය අගෝස්තු 12 දින ශ්‍රි ලංකාවට හඳුන්වා දෙයි. මෙම හවුල්කාරිත්වය ආයතන දෙක අතර සබඳතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර, පසුගිය වසරේ Reliance සමූහය හරහා එලිෆන්ට් හවුස් පාන වර්ග ඉන්දියානු වෙළඳපොළට සාර්ථකව හඳුන්වා දීමේ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙය ගොඩනැගේ. Campa සන්නාමය හඳුන්වාදීමත් සමඟ, ශ්‍රි ලාංකීය පාරිභාගිකයින්ට උසස් තත්ත්වයේ, දැරිය හැකි මිලකට පාන වර්ග ලබාදෙමින්, වෙනස්වන රුචිකත්වයන් සහ අපේක්ෂාවන් සපුරාලීමටත්, නවෝත්පාදනය තුළින් පාරිභෝගික ආකර්ෂණය දිනාගත් පානයක් බවට පත්වීමටත් මෙම හවුල්කාරිත්වය අරමුණු කරයි.

Campa සන්නාමය, ලංකාවේ වෙළදපොළට ඇතුළුවීම, RCPL සමාගමෙහි පාරිභෝගික සන්නාම, ප්‍රධාන කලාපීය වෙළඳපොළවල් හරහා පුළුල් කිරීමේ උත්සාහය තවදුරටත් ශක්තිමත් කරයි. 2022 දී, Campa Cola වෙලදපොළට අවතීර්ණ වන අතර, 1970 සහ 1980 දශකවල පරම්පරා ගණනාවකගේ සිත් ගත් සන්නාමයක් වන මෙය, 2023 දී RCPL සමාගම විසින් ඉන්දියානු පාරිභෝගිකයින්ට නැවත හඳුන්වා දෙන ලදී. John Keells සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Ceylon Cold Stores හි ශක්තිමත් වෙළඳපොළ පැවැත්ම, පුළුල් බෙදාහැරීමේ ජාලය සහ මෙහෙයුම් පරිමාණය යනාදිය Campa සන්නාමය ශ්‍රි ලංකාවට හදුන්වාදීමට ශක්තිමත් පිටුවහලක් වෙයි.

මෙම හවුල්කාරිත්වය පැරණි මතකයන් සහ වර්තමාන අවශ්‍යතා ඒකාබද්ධ කරන නිෂ්පාදන ලබාදෙමින්, නව රසයන් සොයන පුළුල් පාරිභෝගික පිරිසකට ළඟා වීමට බලාපොරොත්තු වේ. දේශීය සිසිල් බීම කර්මාන්තයට මෙම නව එකතුවත් සමඟ, දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන් අතට ලබාදීමේ අරමුණ යළි තහවුරු කරමින්, මෙම සමාගම් ද්විත්වයට තම හැකියාවන්, සහ ක්‍රියාත්මක කිරීම් තුළින් වෙළඳපොල වර්ධනයට දායක වනු ඇත.

Reliance Consumer Products Ltd ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ, කෙටන් මොඩි (ketan Mody) මහතා පැවසුවේ, “එලිෆන්ට් හවුස් සමාගම වැනි අගනා හවුල් කරුවෙකු සමඟ ශ්‍රී ලාංකීය වෙළඳපොළට අවතීර්ණ වීමට හැකිවීම පිලිබදව අපි ඉතාමත් සතුටු වන බවයි. Campa සන්නාමය කියන්නේ වසර 50කට වැඩි ඉතිහාසයක් ඇති ඉන්දීය සන්නාමයක් වන අතර, එය අදටත් පාරිභෝගිකයින්ගේ ආදරය දිනාගන්ට සමත් වෙලා තියෙනවා. අපි දිගුකාලීන ආයෝජනයකට කැපවී සිටිනවා වගේම, වේගවත් වර්ධනයක් සඳහා විශාල හැකියාවක් මෙම කලාපය තුළ අප දකිනවා’’, නව්‍ය සහ ගෝලීය තත්ත්වයේ උසස් ගුණත්වයෙන් යුතු නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට ලබාදීමේ වාර්තාවක් අපට තිබෙනවා. මුළු මහත් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ “Beverage” අත්දැකීම් නව මුහුණුවරකට ගෙන ඒම සඳහා අපගේ හවුල්කරු සමඟ කටයුතු කිරීම පිළිබඳව අප ඉමහත් සතුටට පත් වෙනවා. Campa Cola යනු පරම්පරා ගණනාවකට ආමන්ත්‍රණය කරන, මතකයන් යළි අවදි කරන සහ ඒවා යළි අත්විඳීමට පාරිභෝගිකයින් පොළඹවන පානයක්. Campa යනු හුදු සන්නාමයක් පමණක් නොවේ, එය උරුමයක පුනර්ජීවනයක්, ඉන්දියානු රසයක් සහ වර්තමාන තරුණ ජවයේ සැමරුමක්. එහි ප්‍රබෝධමත් රසය, සියලු ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතරින් නව රසික රැල්ලක් බිහි කරනු ඇතැයි අප විශ්වාස කරනවා”

Jhon Keells හි – පාරිභෝගික ආහාර අංශ – සමුහාදිපති දමින්ද ගම්ලත් මහතා පැවසුවේ,
“උරුමයන්ගෙන් හෙබි, උසස් තත්ත්වයේ, විවිධත්වයෙන් යුත් සිසිල් බීම වර්ග පාරිභෝගිකයින්ට ලබාදීමේ අපේ අරමුණ මෙම හවුල්කාරීත්වය තුළින් විදහා පානවා. ඒ සදහා ලෝක මට්ටමේ ප්‍රමුඛ සමාගමක් වන Reliance Consumer Products ආයතනය සමඟ එක්ව Campa සන්නාමය ශ්‍රී ලංකාවේ වෙලදපොළට ගෙන ඒමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. මෙම උපාය මාර්ගික හවුල්කාරීත්වය අපගේ සිසිල් බීම භාණ්ඩ කලඹ පුළුල් කරනවා පමණක් නොව, රටේ තරඟකාරී සිසිල් බීම වෙළඳපොළේ ප්‍රමුඛ දේශීය තරගකරුවෙකු ලෙස අපගේ ස්ථාවරය තහවුරු කරනවා. පරම්පරා ගණනාවක් පුරාවට, ඉන්දීය වෙළඳපොළෙහි ස්ථාපිත වී ඇති ආකාරයටම ශ්‍රී ලංකාව තුළත් Campa සන්නාමය ස්ථාපිත කිරීමට අපගේ ශක්තිමත් බෙදාහැරීමේ ජාලය සහ වෙළඳපොළ ප්‍රවීණත්වය යොදාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.”

Campa සන්නාමය යටතේ සිසිල් බීම විශේෂයන් ලෙස, Campa Cola, Lemon, Orange සහ Campa NRG Gold Boost හා Berry Kik යන ශක්තිජනක පානයන් ද ඇතුළත්වේ. ආකර්ෂණිය ඇසුරුම් වලින් යුක්ත මෙම පාන වර්ග, පැරණි මතකයන් යළි අවදි කරන රසයන් හා තාරුණ්‍යයේ ජවය මුසු කරයි. Campa වෙළදනාමය අධිෂ්ඨානයේ සහ උත්සාහයේ සංකේතයන් මුසුකර ගනිමින්, වත්මන් තරුණයින් ඉලක්ක කරයි. මිලිලීටර් 250 බෝතලයක් රුපියල් 100ක් වැනි තරඟකාරී මිලකට ලබාදෙන මෙම පාන වර්ග, දෛනික ප්‍රබෝධමත් අවශ්‍යතා සඳහා උසස් තත්ත්වය සහ වටිනාකම් එක් කරයි. මෙම හවුල්කාරීත්වය, උරුමය, නවෝත්පාදනය හා විශාලත්වය මුසුකොට, Campa වෙළද නාමය ශ්‍රි ලංකාවේ ස්ථාපිත කිරීමට ශක්තිමත් පදනමක් සපයයි.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism