McLarens Maritime Academy උපාධි ප්‍රදානෝත්සවයේදී අනාගත වෙළඳ නාවිකයන් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අනුමැතියලත් වෙළෙඳ නාවික පුහුණු ආයතනයක් වන McLarens Maritime Academy (MMA) 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. සිය පුහුණව සාර්ථකව අවසන් කරමින් ගෝලීය සමුද්‍රීය ක්ෂේත්‍රයට ඇතුළුවීමට සූදානම් වන අනාගත නාවිකයන්ගේ ජයග්‍රහණ එහිදී ඇගැයිමට ලක් විය.

ශ්‍රී ලංකා වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ වෙළඳ නාවික අධ්‍යක්ෂ ජනරාල් අසංග දේශප්‍රිය මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මේ උත්සවයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා සහ මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා ශෙහාරා ද සිල්වා යන මහත්ම මහත්මීහු විශේෂ ආරාධිතයන් ලෙස එම අවස්ථාවට එක්වූහ.මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂවරුන් වන චන්දිම හුලංගමුව මහතා, කපිතාන් අතුල හේවාවිතාරණ මහාතා, කපිතාන් කීත් ජයසූරිය මහතා, ශනිල් පෙරේරා මහතා, අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා, අශාන් වෙලගෙදර මහතා සහ රිකී බර්නට් මහතා ඇතුළු මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමාගම් වල ඉහළ නිලධාරීන් රැසක් ද උත්සවයට සහභාගි වූ අතර, සමුද්‍රීය ක්ෂේත්‍රයේ නැව් රැකියා නියෝජිත ආයතන සහ පුහුණුලාභීන්ගේ දෙමාපියන්ද ඒ අතර වූහ.

මෙම උත්සවයට සහභාගි වූ සම්භාවනීය අමුත්තන්, දෙමාපියන් සහ සිසුන් උණුසුම් අයුරින් පිළිගනිමින් McLarens Maritime Academy කළමනාකාර අධ්‍යක්ෂ චන්දිම හුලංගමුව මහතා පිළිගැනීමේ දේශනය සිදු කළ අතර, පුහුණු කාලය තුළ සිසුන්ගේ කැපවීම සහ විනය එහිදී පැසසුමට ලක් කෙරිණි.

McLarens Maritime Academy උපදේශක කපිතාන් තාරක තෙල්වත්ත මහතා ප්‍රධාන දේශනය සිදු කළ අතර, මූලාරම්භයේ සිට ආ ගමන් මඟ සහ උසස් තත්ත්වයේ සමුද්‍රීය අධ්‍යාපනය සහ පුහුණු කිරීම වෙනුවෙන් සිය ආයතනය සිදු කරන ප්‍රයත්නයන් අවධාරණයට ලක් කළේය. සුදුසුකම්ලත් නාවිකයන් සඳහා ගෝලීය ඉල්ලුම වර්ධනය වෙමින් පවතින බවත්, ශ්‍රී ලංකාවේ තරුණයන්ට ජාත්‍යන්තර නාවික කර්මාන්තය තුළ වෘත්තීමය අවස්ථාවන් පවතින බවත් සඳහන් කළේය. 

වෙළඳ නාවික ආධුනික අභ්‍යාසලාභී නිලධාරීන්ගේ පුහුණු වැඩසටහනේ (Navigation Officer Cadet Training Program) පළමු අදියරේ (03 වැනි කණ්ඩායම සහ 04 වැනි කණ්ඩායම), Pre-Sea Training Course Deck Rating 8 වැනි කණ්ඩායම සහ Pre-Sea Training Course Engine Rating (02 වැනි 03 වැනි කණ්ඩායම්) සාර්ථකව සම්පූර්ණ කළ සිසුන්ට මෙහිදී සහතික පත් ප්‍රදානය කෙරිණි. විශිෂ්ඨ දක්ෂතා දැක්වූ සිසුන් Best Performance Awards යටතේ සම්මානයට පාත්‍ර වූහ.

ප්‍රධාන ආරාධිත ලෙස මේ අවස්ථාවට සහභාගි වූ අසංග දේශප්‍රිය මහතා පුහුණුවලත් සමුද්‍රීය වෘත්තිකයන් වැඩිදියුණු කිරිම සඳහා McLarens Maritime Academy ලබා දෙන දායකත්වය පැසසුමට ලක් කළ  අතර, එමගින් ගෝලීය සමුද්‍රීය ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම ශක්තිමත් වන බව කියා සිටියේය.

විශිෂ්ඨ නාවික වෘත්තිකයන් බිහි කිරීමෙන් කීර්තියට පත් McLarens Maritime Academy ගෝලීය සමුද්‍රීය ක්ෂේත්‍රය තුළ සාර්ථක වෘත්තීය ජීවිතයක් සඳහා අනාගත නාවිකයන් සූදානම් කිරීමේ වැදගත් භූමිකාවක් අඛණ්ඩව සිදු කරමින් සිටී. www.mma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඉදිරි පාඨමාලා පිළිබඳ සහ වැඩි විස්තර ලබාගත හැකිය.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism