ශ්‍රී ලංකාවේ අංක එකේ නැවුම් කිරි නිෂ්පාදනය වන අඹේවෙල වෙතින්  සුවිශේෂී නිවාඩු අත්දැකීමක්

මෙරට කිරි නිෂ්පාදන ආශ්‍රිත ප්‍රමුඛතම සන්නාමය වන අඹේවෙල වෙතින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශේෂී වූ අත්දැකීම් සමඟ මුසු වූ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා.

සිය විශිෂ්ටත්වයේ උරුමයට සැබෑ වටිනාකමක් එක් කරමින්, අඹේවෙල දැන් සිය විශ්වාසනීය පාරිභෝගිකයින්ට එම සන්නාමයේ ගුණාත්මකභාවයටම සමාන වටිනා අත්දැකීමක් තිළිණ කිරීමට ඉදිරිපත් වී සිටී. රට පුරා සිටින සිය පාරිභෝගිකයින්ට අමතක නොවන සුඛෝපභෝගී නිවාඩුවක් දිනා ගැනීමේ අවස්ථාව උදා කරමින්, මෙම නවතම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන දියත් කර ඇත. අඹේවෙල Fresh Milk හෝ Non-Fat Milk 1L ඇසුරුමක් මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම, නිවාඩු පැකේජ 10ක් දිනා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වේ. සති 10ක් පුරා ක්‍රියාත්මකවන මෙම ප්‍රවර්ධන වැඩසටහන, සෑම සතියකම එක් වාසනාවන්ත ජයග්‍රාහකයෙකු බැගින්, ජයග්‍රාහකයින් 10 දෙනෙකුට ත්‍යාග පිරිවමයි.

මෙයට සහභාගී වීම ඉතා සරලයි: 1L ඇසුරුමේ මුද්‍රණය කර ඇති QR කේතය ස්කෑන් කර, මිලදී ගැනීම සනාථ කරන ලදුපත සමඟ ඔබගේ තොරතුරු ඇතුළත් කර, ඇඹේවෙල Facebook පිටුව ‘Follow’ කිරීමෙන් මෙම දිනුම් ඇදීමට ඇතුළත් විය හැකිය. මිලදී ගන්නා සෑම ඇසුරුමක්ම ජයග්‍රහණය සඳහා අවස්ථාවක් ලබා දෙනු ඇත. ජයග්‍රාහකයින්ට හෙරිටන්ස් කණ්ඩලම, හෙරිටන්ස් ටී ෆැක්ටරි හෝ හෙරිටන්ස් අහුන්ගල්ල වැනි සුප්‍රකට හෙරිටන්ස් නිකේතනවල, දෙදෙනෙකුට දින දෙකක සම්පූර්ණ නවාතැන් පහසුකම් (full-board basis) හිමි වේ. මෙම නවාතැන් සඳහා සුඛෝපබෝගී (suite) කාමර, බට්ලර් සේවාව, ඉටිපන්දම් එළියෙන් ආලෝකවත් වූ රාත්‍රී භෝජන සංග්‍රහ, පෞද්ගලික භෝජන අවස්ථා සහ නොමිලේ වයින් බෝතල් පිරිනැමෙන අතර, එය සැබවින්ම අතිවිශිෂ්ට අත්දැකීමක් වනු ඇත. මෙම අත්දැකීම තවදුරටත් මතකයේ රැඳවීම සඳහා, එක් එක් ස්ථානයට අනන්‍ය වූ විශේෂ චාරිකා ද ජයග්‍රාහකයින්ට හිමි වේ.

හෙරිටන්ස් කණ්ඩලම හිදී, මින්නේරිය හරහා නිදහසේ සැරිසරන අලි ඇතුන් නරඹමින්, අමතක නොවන වන සෆාරි අත්දැකීමක් අත්විඳීමට ජයග්‍රාහකයින්ට අවස්ථාව හිමිවේ. හෙරිටන්ස් ටී ෆැක්ටරිහි ජයග්‍රාහකයින්ට ශ්‍රී ලංකාවේ වඩාත්ම දියුණු කිරි ගොවිපොළ වන අඹේවෙල හි මාර්ගෝපදේශ සහිත චාරිකාවකට සහභාගී වීමට සහ සුවිශේෂී චීස් රස අත්විඳීමට මෙන්ම, ඓතිහාසික තේ කර්මාන්ත ශාලාවකටද පැමිණීමට අවස්ථාව හිමිවේ. හෙරිටන්ස් අහුන්ගල්ලහිදී ජයග්‍රාහකයින්ට මාදු ගඟේ කඩොලාන අතරින් දර්ශනීය සහ සිත් ඇදගන්නා බෝට්ටු සවාරියක අත්දැකීමක් ලබා ගත හැක.

මෙලෙස සුවිශේෂී නිෂ්පාදනයක් ලෙස හැඳින්විය හැකි අඹේවෙල, තම වටිනාකම් පිළිබිඹු කරන අත්දැකීම් සමඟින් සිය විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ ලබා දී දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයන් හට ලබාදිය හැකි උපරිම අත්දැකීමක් මෙම වැඩසටහන තුළින් ලබා දෙයි. Keells, Cargills Food City, Glomark, Arpico, SPAR සහ LAUGFS යන ප්‍රධාන සුපිරි වෙළඳසැල්වලින් කේතය සහිත නිෂ්පාදන ලබා ගැනීමට හැකියාව ඇත.

මෙම ප්‍රවර්ධන වැඩසටහනත් සමඟ, අඹේවෙල ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. නිෂ්පාදනයෙන් ඔබ්බට ගිය අමතක නොවන, සුවිශේෂී අත්දැකීම් හරහා සිය පාරිභෝගිකයින් වෙනුවෙන් වෙනස් අත්දැකීමක් ලබාදීමට කැප වූ සන්නාමයක් ලෙසද සිය ස්ථානය යළි තහවුරු කරයි.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism