නවතම Honda Dio දැන් වඩාත් උසස් තාක්ෂණයෙන්, නව පහසුකම් සමඟින් දැරිය හැකි මිලකට

Honda යතුරුපැදි සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගම විසින් නවතම Honda Dio 110cc ස්කූටරය මෙරට වෙළඳපොලට එළිදැක්වීම සාඩම්බරයෙන් නිවේදනය කර සිටියී. මෙම නව ස්කූටරය උසස් තාක්ෂණයෙන් සහ නවතම විශේෂාංගවලින් සමන්විත වන අතර, මුදලට සරිලන අසමසම වටිනාකමක් ලබා දෙයි.

වසර ගණනාවක් තිස්සේ, Honda Dio සන්නාමය මෙරට පාරිභෝගිකයන්ගේ සමීපතම ගමන් සගයා ලෙස විශ්වසනීයත්වය දිනාගෙන ඇත. එහි නවතම මාදිලිය ලෙස 2025 Honda Dio ස්කූටරය තවත් පියවරක් ඉදිරියට තබමින්, ආර්ථිකමය වශයෙන් වාසිදායි, තාක්ෂණයෙන් ඉහළ, සුවපහසු ගමනක් අපේක්ෂා කරන සියල්ලන්ගේ පළමු තේරීම බවට පත්ව ඇත.

නව Honda Dio ස්කූටරය 109cc එන්ජිමකින් බලගැන්වී ඇති අතර, Standard සහ DLX යන මාදිලි දෙකකින් ලබා ගත හැකිය.  මෙම නව ස්කූටරය ඉලෙක්ට්‍රොනික ඉන්ධන සැපයීමේ පද්ධතියකින් [Electronic Fuel Injection (PGM-FI)] සහ Honda සමාගමේ  Enhanced Smart Power (eSP) තාක්ෂණයෙන් සමන්විත වේ. එමඟින් එන්ජිමට වඩාත් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක්, වැඩි බලයක් සහ සුමට ක්‍රියාකාරිත්වක් ලබාදෙන අතර නඩත්තු අවම කරයි. එහි නිහඬ ACG ස්ටාටරය මඟින් ඉතා සුමට සහ නිහඬ පණගැන්වුමක් ලබා දෙයි.

මෙම විශේෂාංග තාක්ෂණික ලෙස පමණක් නොව, ඉන්ධන ඉතිරි කිරීම, වායු විමෝචනය අඩු කිරීම සහ නඩත්තු වියදම් අවම කිරීම වැනි ආර්ථිකමය ප්‍රතිලාභයන් ද සපයයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ මාර්ග තත්වයන්ට ගැලපෙන පරිදි එහි සමන්විත වන අඟල් 12 ක ඉදිරිපස රිම් සහ Telescopic Suspension පද්ධතිය මඟින්,  ධාවකයන්ට වැඩි සුවපහසු ගමනක් මෙන්ම වඩාත් හොඳින් ස්කූටරය හැසිරවීමේ හැකියාව ලබා දෙයි.

නව Honda Dio ස්කූටරය පිළිබඳව අදහස් දක්වමින්, ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ, යතුරුපැදි අලෙවි සහ බල නිෂ්පාදන අංශයේ සාමාන්‍යාධිකාරී, කපිල ගුණතිලක මහතා, “ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සඳහා, Honda Dio ස්කූටරය දිගු කාලයක් පුරාවට විශ්වාසදායී දෛනික ගමන් සහකරුවෙක් වී තිබෙනවා. මෙම නව ස්කූටරය මඟින් අපේ රටේ ධාවකයන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි Honda හි ඉතා දියුණු ගෝලීය තාක්ෂණය එකාබද්ධ කර තිබෙනවා. EFI සහ eSP වැනි විශේෂාංග හේතුවෙන්, Honda Dio අද වෙළඳපොලේ ඇති වඩාත්ම උසස් හා ප්‍රායෝගිකම තේරීම් අතරින් එකක් බවට පත්ව ඇති අතර, එය පාරිභෝගිකයාට මුදල් ඉතුරුවක්, විශ්වාසදායී සහ වඩාත් සුවපහසු ගමනක් ලබා දෙනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

Honda Dio 2025 හි නවීන, විලාසිතාමය පෙනුම තවදුරටත් ඔප් නංවමින්, LED දිසා දර්ශක ලාම්පු සමඟ ආකර්ශනීය වර්ණ හතකින් ඔබ වෙත පැමිණේ. බාහිර ඉන්ධන පියන නිසා පැදිකරුවන්ට ආසනයෙන් බිමට නොබැස ඉන්ධන පිරවීමට ඉඩ සලසන ප්‍රායෝගික නවෝත්පාදන ද එයට ඇතුළත් වේ.

Honda සන්නාමයෙහි හි ගෝලීය කීර්තිය සහ ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගමෙහි විශ්වසනීය අලෙවියෙන් පසු සේවා සහය සමඟින්, නව Honda Dio, වැඩි වියදමකින් තොරව තම ගමනෙන් වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් ම ගැලපෙන ස්කූටරය ලෙස එහි ස්ථානය තහවුරු කර ගැනීමට සූදානම්ය.

නව Honda Dio ස්කූටරය Standard සහ DLX යන මාදිලි දෙකකින් ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ ශාඛාවන් සහ දිවයින පුරා ඇති බලයලත් අලෙවි නියෝජිත ජාලය හරහා වෙන් කරවා ගත හැකිය.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism