2025 නවතම Samsung ස්මාර්ට් රූපවාහිනී පෙළ පහසු මිලට දැන් වෙළෙඳපොලේ

සැම්සුන් ශ්‍රී ලංකා 2025 වසර සඳහා වන සිය නවතම රූපවාහිනී නිෂ්පාදන පෙළ පසුගියදා මෙරට වෙළෙදපොලට හඳුන්වා දෙන ලදී. ඒ සමඟ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට දැරිය හැති මිලකට අසමසම විනෝදාස්වාදයක් භුක්ති විඳීමේ අවස්ථාව උදා කර දීමට සැම්සුන් සමත්ව සිටියි. මෙම නවතම හඳුන්වා දීම සඳහා HD තාක්ෂණයේ සිට නවතම 8K තාක්ෂණය දක්වා රූපවාහිනී නිෂ්පාදන රැසක් ඇතුළත් වන අතර සුපැහැදිලි තිරයකින් යුත් මෙම නවීනතම රූපවාහිනී නිෂ්පාදනයන් කෘතිම බුද්ධිය තුලින් අසමසම නැරඹුම් අත්දැකීමක් උරුම කර දීමට සමත් වනු ඇත.

කාලයත් සමඟ වෙනස් වන විනෝදාස්වාද අවශ්‍යතා සපුරා ගැනීමේදී ස්මාර්ට් විශේෂාංග සහිත නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අතිශයින් ඉහල යමින් පවතී. පාරිභෝගිකයින්ගේ මෙම අවශ්‍යතාව මනාව අවබෝධ කරගත් සැම්සුන් සිය නවතම රූපවාහිනී මාදිලි වන 32″ HD, 32″ HD Smart සහ 43″ FHD Smart මාදිලි පෙල තුලින් පරිපූර්ණ විනෝදාස්වාදයක් ඔවුන් වෙත ලබා දීමට කටයුතු කර ඇත.

මෙහිදී නවතම 32, HD රූපවාහිනියක් රු.64,699ක මිලකට පාරිභෝගිකයා වෙත ලබා දෙන සැම්සුන් built-in streaming යෙදුම සමඟින් මනා හඬ පාලනයක් සහිත 32″ HD Smart රූපවාහිනිය රු. 74,999ක මිලකට අලෙවි කරනු ලබයි. මුළු පවුලටම ආකර්ෂණීය රූපවාහිනී අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් රු.134,999කට සැම්සුන් විසින් හඳුන්වා දී ඇති 43″ FHD Smart රූපවාහිනිය මෙහිදී ඉතා වැදගත් වන්නේ නව්‍ය තාක්ෂණයේ නවතම නිර්මාණයක් ලෙස ශ්‍රී ලාංකේය මානව ජීවන රටාවට නවමු අරුතක් එක් කිරීමට ඒ තුලින් කටයුතු කර ඇති බැවිනි. මෙම සියලු මාදිලි නිෂ්පාදනය කර ඇත්තේ සෑම ශ්‍රී ලාකේය නිවසක්ම ස්මාර්ට් නිවසක් බවට පත් කරමින් ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා ජීවිතය ස්මාර්ට් කිරීමේ අභිලාෂය තුලිනි. තමන් සතු විශ්වසනීයත්වය, හැකියාව හා නිර්මාණශීලීත්වය තුලින් මේ සියලු නිෂ්පාදනයන් දැරිය හැකි මිලකට පාරිභෝගිකයා වෙත ලබා දීමටද සැම්සුන් සමත්ව සිටියි.

මෙම නවතම රූපවාහිනී නිෂ්පාදනයන්හි ඇති අති නවීන තාක්ෂණික විශේෂාංගයන් අතර බාධාවකින් තොර විනෝදාස්වාදයක් වෙනුවෙන් වන කෘතිම බුද්ධි (AI) තාක්ෂණය නම් කළ හැකිය. AI රූප තාක්ෂණය, සුපැහැදිලි තිර සැකසුම, තියුණු වර්ණ මෙන්ම වචන භාවිතය තුළින් රූපවාහිනියේ සැකසුම් සිදු කිරීමේ හැකියාව වැනි නව තාක්ෂණික අංගයන් රැසක් මේවාට අයත් වේ. එමෙන්ම ඝෝෂාකාරී නොවන සුපැහැදිලි හා විශිෂ්ට හඬක් සකස් කර ගැනීම සඳහා මෙන්ම රූප අන්තර්ගයට ගැලපෙන ආකාරයේ ශබ්ද රටාවන් වෙනුවෙන් Adaptive Sound සහ Active Voice Amplifier (Pro) වැනි නව්‍ය තාක්ෂණයන් යොදා ගැනීමද මෙහි ඇති විශේෂත්වයකි.

එසේම භාෂා කිහිපයක් තුලින් Bixby හෝ SmartThings ජංගම යෙදුම් හරහා ස්වභාවික හඬ විධාන භාවිතයෙන් රූපවාහිනි පාලනය කිරීමේ හැකියාවද පාරිභෝගිකයින් වෙත මෙම නිෂ්පාදන හරහා උදා කර දී ඇති සැම්සුන් ඒ තුලින් රූපවාහිනියේ අන්තර්ගය සැකසීමේ හැකියාවද ලබා දෙන්නේ ඔවුන් වෙත සුවිසල් පහසුවක් එක් කරමිනි.

නවතම රූපවාහිනී තාක්ෂණයන් සමඟින් අසමසම රූපවාහිනී නැරඹුම් අත්දැකීමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට තවත් විශිෂ්ට නිෂ්පාදනයන් පෙලක් පහසු මිලකට හඳුන්වා දීමටද සැම්සුන් කටයුතු කර ඇත. ඒ යටතේ 43, සිට 85, දක්වා Crystal UHD මාදිලියේ රූපවාහිනී නිෂ්පාදන රු. 174,999 සිට පාරිභෝගිකයින් වෙත ලබා දෙන සැම්සුන් 55, සිට 75, දක්වා QLED 4K මාදිලියේ රූපවාහිනී නිෂ්පාදනයක් රු. 374,999 ආරම්භක මුදලකට ලබා දීමට කටයුතු කර ඇත්තේ සුපැහැදිලි හා දීප්තිමත් තිරයක් සහ වෛර්ණ රූප රාමු සමඟින් සිනමාත්මක අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව නරඹන්නන් වෙත උදා කරමිනි. එපමණක් නොව රු. 2,399,999 ක මිලකට 85″ Neo QLED 8K රූපවාහිනී නිෂ්පාදනයක් පාරිභෝගිකයින් වෙත ගෙන ඒමට සැම්සුන් කටයුතු කර ඇත්තේ සුවිශේෂී AI තාක්ෂණයෙන් යුත් ප්‍රොසෙසරයක් සමඟින් රැහැන් රහිත 8K සම්ප්‍රේෂණ හැකියාවක් තුලින් මෙතෙක් අත්නොවිඳි අත්දැකීමක් ලබා ගැනීමේ ඉඩ හසර විවර කරමිනි.

මේ අතර සැම්සුන්හි නවතම OLED මාදිලි පෙල 55” සහ 65” යන ප්‍රමාණයන්ගෙන් හඳුන්වා දී ඇති අතර එහි ආරම්භක මිල රු. 1,024,999කි. විශේෂයෙන් පරිපූර්ණ අඳුරු සහ සියලු වර්ණයන්හි වෙනස් බව සඳහා ස්වයං වර්ණ පික්සල් භාවිත කිරීම මෙම නිෂ්පාදනයේ ඇති විශේෂත්වයයි. ඒ තුලින් ආකර්ෂණීය අත්දැකීමක් නරඹන්නන් හට නිතැතින්ම උදා වේ. තවත් සුවිශේෂී නිෂ්පාදනයක් වන 65” Frame TV මාදිලිය සැම්සුන්හි නවීන තාක්ෂණයේ නිර්මාණයක් ලෙස එළිදක්වා ඇත්තේ පාරිභෝගිකයින්ට තමන්ට කැමති ලෙස සකස් කළ හැකි විශේෂාංගයන් රැසක්ද සමඟිනි.

අතිශය සිහින් නිමාව, ලෝහ රාමුව සහ bezel-less තිරය සහිත සැම්සුන්හි 2025 නවතම රූපවාහිනී නිෂ්පාදනය වන මෙය නිවසේ විසිත්ත කාමරයට නවීන පෙනුමක් මෙන්ම නිදන කාමරයට සුවපහසු අත්දැකීමක් එක් කරනු නිසැකය. ඕනෑම පරිසකයට මනාව ගැලපෙන මෙම රූපවාහිනී නිෂ්පාදනය glare-free තිරයකින් සමන්විත වන අතර ඊට ප්‍රවේශ වීම සඳහා Knox ආරක්ෂණ තාක්ෂණයද ඇතුළත් වේ. පරිශීලක පහසුව, ආරක්ෂාව හා නිමාව මෙම රූපවාහිනිී නිෂ්පාදනවල ඇති විශේත්වයයි.

මේ අයුරින් සිය පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නව්‍ය තාක්ෂණික විශේෂාංගවලින් සුසැදි එකිනෙකට වෙනස් මාදිලි කිහිපයක් තුලින් 2025 නවතම රූපවාහිනී නිෂ්පාදන පෙල පාරිභෝගිකයා වෙත ගෙන සැම්සුන් එම සියලු නිෂ්පාදනයන් රටපුරා බලයලත් අලෙවිසැල් හා ඔන්ලයින් මාර්ගය ඔස්සේ පහසු මිලට ලබා ගැනීමේ හැකියාව උදා කර දී ඇත. අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව හා නවෝත්පාදන උරුමය සමඟින් නිවසේ අසිරිය ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ අසමසම අත්දැකීමක් නරඹන්නන් වෙත හිමිකර දෙමිනි.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template