ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජෝන් ඩියර් පාරිභෝගිකයන්ට සිංගර් වෙතින් උපහාර පිරිනැමේ

එදිනෙදා ගෘහ ජීවිතයට අවශ්‍ය පාරිභෝගික නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ නොමද විශ්වාසය දිනූ සිංගර් සමාගම, දශක ගණනක් පුරා ශ්‍රී ලාංකික හදගැස්ම හොඳින්ම හඳුනන සමාගමකි. පිට පිටම දශක දෙකකට ආසන්න කාලයක් ජනතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති සිංගර්, ‘විශිෂ්ටත්වයේ විශ්වාසය’ උදෙසා දිය හැකි හොඳම නිදසුනක් ද වේ.

මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ සිංගර් 2019 වසරේ දී ජෝන් ඩියර් ට්‍රැක්ටර් මෙරටට හඳුන්වා දීමට කටයුතු කළේය. ඇමරිකාවේ විශාලතම සමාගමක් වන ජෝන් ඩියර් ට්‍රැක්ටර් ලොව ඉහළම තාක්ෂණයෙන් හා ප්‍රමිතියෙන් යුතු මාදිලියක් ලෙස ලෝකය පුරා ප්‍රචලිත සන්නාමයකි. මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ දැවැන්ත වෙනසක් ඇති කරන්නට ජෝන් ඩියර් හඳුන්වා දීම හේතු වූ බව නිසැකය. උසස් තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා කල්පැවැත්ම, කාර්යක්ෂමතාව, රළු බිම්වල පහසුවෙන් වැඩ කිරීමේ හැකියාව ඇතුළු වාසි රැසක් මෙරට පාරිභෝගිකයන්ට ජෝන් ඩියර් සමඟ අත්විඳීමට අවස්ථාව හිමි විය.

සිංගර් ශ්‍රී ලංකා සමාගම සිය පැරණිතම ජෝන් ඩියර් පාරිභෝගිකයින්ට උපහාර පිදීමේ උත්සවයක් පසුගිය දිනක දඹුල්ල සන්නස හෝටලයේදී පැවැත්විනි. මෙහිදී තෝරාගන්නා ලද පැරණිතම පාරිභෝගිකයින් 30 දෙනා  සඳහා වූ මෙම හමුවේදී සිංගර් රූපවාහිනී යන්ත්‍ර ලබා දීම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මහේෂ්  විජේවර්ධන මහතා ඇතුළු සම්භාවනිය අමුත්තන් අතින් සිදු කෙරිණ. මෙයට අමතරව සෑම පාරිභෝගිකයකු සඳහාම මිලදී ගන්නා නව ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා රු. 250,000ක වට්ටමක්ද  හිමි විය. ට්‍රැක්ටර් පාරිභෝගිකයින් සඳහා මෙවැනි උපහාර පිදීමේ උත්සවයක් පැවතියේ ලංකාවේ ප්‍රථම වතාවටය.

2019 වසරේ සිට සිංගර් ශ්‍රී ලංකා සමාගම ලංකාවේ ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා එකම අලෙවි නියෝජිතයා වශයෙන් කටයුතු කරයි. John  Deere 5047D, 5045D හා 5050D මාදිලි ට්‍රැක්ටර් වෙළඳපොළ තුළ වර්තමානයේ පෙරළිකාර වෙනසක් සිදුකර ඇතිබව එහිදී පැමිණි පාරිභෝගිකයන් හා අලෙවි නියෝජිතවරුන් අදහස් දක්වමින්  පැවසීය.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මහේෂ්  විජේවර්ධන මහතා අදහස් දක්වමින්, ”සිංගර් සමාගම සහ ජෝන් ඩියර් විශ්වාස කරමින් අප සමගින් දිගු කාලයක් රැඳී සිටීම ගැන අප අපේ පාරිභෝගිකයක් වෙත ස්තූතිවන්ත වෙනවා. ලෝකයේ ඉහළම තාක්ෂණය සමගින් ඉදිරියටත් ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ උපාංග ඔබට ලබා දීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම කැපවී සිටිනවා.” යනුවෙන් පැවසීය.

ජෝන් ඩියර් ට්‍රැක්ටර් දිවයින පුරා අලෙවි නියෝජිතවරුන්ගෙන් හා සිංගර් ශාඛාවලින් ලබා ගත හැකි අතර, පහසු ගෙවීමේ ක‍්‍රම යටතේ ට්‍රැක්ටර් මිලදී ගැනීමට ද සිංගර් වෙතින් අවස්ථාව සලසා දී ඇත. මෙරට කෘෂි ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ට මෙය ඔවුන්ගේ ඉලක්ක සැබෑ කරගන්නට මහඟු පිටිවහලක් වනු නොඅනුමානය.

සිංගර් හා ජෝන් ඩියර් හවුල්කාරීත්වය තුළින් උපරිම ප්‍රතිලාභ මෙරට පාරිභෝගිකයන්ට හිමි කර දෙමින් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නංවන්නට සිංගර් සමාගම නිරතුරුවම ඇපකැප වී සිටියි.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism