ශ්‍රීලංකන් ගුවන් සේවයේ 46 වැනි සංවත්සරය නිමිත්තෙන් පාරිභෝගිකයන්ට වට්ටම් හා දීමනා රැසක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ 46 වැනි සංවත්සරය 2025 සැප්තැම්බර් 01 දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් තම පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් හා දීමනා එකතුවක් පිරිනැමීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය යනු ශ්‍රීලංකාවේ සුන්දරත්වය හා සුහද සත්කාරය පිළිබඳ පණිවිඩය ලොව පුරා රැගෙන යමින්, රට වෙනුවෙන් ගෝලීය තානාපති භූමිකාවක් ඉටුකරන සුවිශේෂී සමාගමකි. සිය ඉතිහාසය පුරා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති ශ්‍රීලංකන් ගුවන් සේවය ඉදිරියටත්, ජනතාව, සංස්කෘතීන් හා ව්‍යාපාර යා කරමින් තම මෙහෙවර අඛණ්ඩව ඉටුකිරීමට සූදානමින් සිටී.

මෙම සංවත්සර දීමනා මාලාව යටතේ, 2025 සැප්තැම්බර් 01 සිට 2025 සැප්තැම්බර් 05 දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය හරහා ගුවන් ටිකට්පත් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට Business Class  ටිකට්පත් සඳහා 20% ක වට්ටමක්ද, Economy Class ටිකට්පත් සඳහා 15% ක වට්ටමක්ද හිමි වේ. එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාරිභෝගික ළැදියා වැඩසටහන වන FlySmiLes හි සාමාජිකයන්ට, ශ්‍රීලංකන් ගුවන් සේවයේ 46 වන සංවත්සරය සංකේතවත් කරමින් Bonus Miles 46% ක් ලබාදීමටද කටයුතු යොදා ඇත.

තවද සිය 46 වසරක ගමන් මග තුළ සමාගමේ සාර්ථකත්වය උදෙසා මහඟු කාර්යභාරයක් ඉටු කළ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ඇගයීමටද ගුවන් සේවය සැලසුම් කර තිබේ. ඊට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවයට සෙත් පතා සිදුකරන ආගමික වැඩසටහන් ඇතුළු විශේෂ සංවත්සර වැඩසටහන් මාලාවක්ද පැවැත්වීමට නියමිතය.

ආරම්භයේ පටන්ම ශ්‍රීලංකන් ගුවන් සේවය ලොව ගුවන් සේවා කර්මාන්තයේ නවතම ප්‍රවණතාවන්ට මැනවින් අනුගත වෙමින් ඉදිරියට යාමට සමත් වූ අතර, වර්තමානය වන විට එය  දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවයක් බවට පත් වී තිබේ. පසුගිය වසර 46 ක කාලය තුළ සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට එම ගුවන් සේවය සමත් විය.

2025 වසර තුළදීද තවත් ප්‍රමුඛ පෙළේ සම්මාන රැසකින් පිදුම් ලැබීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට හැකියාව ලැබිණි. Hybiz TV Business Excellence Awards හිදී හිමි කරගත් Best People’s Airline of the Year සම්මානය, PAX Readership Awards හිදී හිමි කරගත් Outstanding Food Service by a Carrier – South Asia සම්මානය, LMD’s Most Loved Brands සම්මාන උළෙලේදී හිමි කරගත් Most Loved Brand in Aviation සම්මානය, ShareTrip–Monitor Airline of the Year සම්මාන උළෙලේදී Best Regional Airline කාණ්ඩය යටතේ හිමි කරගත් රිදී සම්මානය සහ, International Tourism Conclave and Travel Awards හිදී හිමි කරගත් Airline for South Asia සම්මානය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.  

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 46 වන සංවත්සරය නිමිත්තෙන් පිරිනමනු ලබන වට්ටම් හා දීමනා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: srilankan.com/en_uk/special-offers/promotion/46th-anniversary-promo

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism