කොමර්ෂල් බැංකුව වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඇ.ඩො බිලියන 1 ක් ඉක්ම වූ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට පත්වෙයි

ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත්වීමේ සන්ධිස්ථානය සැමරීම සඳහා, කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) උත්සවාකාර ආරම්භක සීනුව නාද කිරීම කොමර්ෂල් බැංකුව විසින් සිදු කරන ලදී.

බැංකුවේ මූල්‍ය හා මෙහෙයුම් නායකත්වය තවදුරටත් ශක්තිමත් කරන බැංකු ඉතිහාසයේ මෙම කැපී පෙනෙන සන්ධිස්ථානය සනිටුහන් කිරීමට සංවිධානය කරන ලද මෙම සංකේතාත්මක උත්සවයට කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග මහතා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහභාගී විය.

2024 දෙසැම්බර් මස අවසානයේ රු. 144.75 ක් ලෙස වාර්තා වූ බැංකුවේ කොටසක අගය 2025 අගෝස්තු 19 වන දින ගණුදෙණු අවසානයේ රු. 196.75 දක්වා ඉහළ යාමත් සමඟ බැංකුවේ වෙළඳපල ප්‍රාග්ධනීකරණ වටිනාකම සන්ධිස්ථානාත්මකව ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවා
ගියේය.

“ඇමරිකානු ඩොලර් බිලියනයක සීමාව ඉක්මවා යාම කොමර්ෂල් බැංකුව විශාල ප්‍රාග්ධනීකරණ සමාගම් ක්ෂේත්‍රයට ගෙන යයි. මෙයින් ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොළවල් තුළ අපගේ දෘශ්‍යතාව වැඩි දියුණු කරන අතර ආයතනික ආයෝජකයින් සහ දර්ශක අරමුදල් සඳහා අපගේ ප්‍රවේශය පුළුල් කරයි,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා අදහස් දැක්වීය. වෙළඳපොළ පිළිගැනීම වැඩි කිරිමට අමතරව, විශාල වෙළඳපල ප්‍රාග්ධනීකරණය ප්‍රාග්ධන සහ ණය වෙළඳපොළවල් වෙත අපගේ ප්‍රවේශය ද වැඩි දියුණු කරයි. එමඟින් අපට නව අවස්ථා හඹා යාමට, නවෝත්පාදනයන් සඳහා ආයෝජනය කිරීමට සහ අපගේ කොටස් හිමියන් සඳහා තවත් වටිනාකම් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ.”

“මෙය බැංකුවට සහ අපගේ කොටස් හිමියන්ට අතිශයින්ම වැදගත් සන්ධිස්ථානයක්,” යැයි කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග මහතා පැවසීය. “එය අපගේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය සහ අපගේ ආයෝජකයින් අප කෙරෙහි අඛණ්ඩව තබන විශ්වාසය පිළිබිඹු කරයි. අපි සැමවිටම සාධාරණ වර්ධනයක්, ජාතික ආර්ථික හා සමාජීය අවශ්‍යතා සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් සමතුලිත කිරීම
සහ කොටස් කරුවන්ගේ වටිනාකමක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත්තෙමු. මෙම සන්ධිස්ථානය තිරසාර වටිනාකමක් ලබා දීම සඳහා වූ කැපවීමේ ප්‍රතිඵලයකි.

2025 ජුනි 30 වන දිනෙන් අවසන් වූ මාස හය තුළ සමූහ මට්ටමින් රුපියල් බිලියන 255 ක (8.887) සහ බැංකු මට්ටමින් රුපියල් බිලියන 242 ක (8.66%) වර්ධනයක් සමඟින් කොමර්ෂල් බැංකුව 2025 දෙවන කාර්තුවේදී වත්කම් රුපියල් ට්‍රිලියන 3 ඉක්ම වූ ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රථම බැංකුව බවට පත් විය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත් වූ පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳ පලෙහි බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ මෙරට සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදා හැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

බැංකුව දිවයින පුරා උපාය මාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20ක්, මාල දිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මුල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කළ කොමර්ෂල් බැංකුව, ඒ සමඟ බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන තිබේ. බැංකුවේ පූර්ණ හිමිකාරිත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template