AIA ශ්‍රී ලංකා විසින්, අනාගත මූල්‍යමය සුරක්ෂිතතාවය ඇතිකර ගැනීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් සුවිශේෂී වැඩසටහනක් දියත් කර ඇති බව නොබෝදා නිවේදන කරන ලදි. ඒ අනුව 2025 අගෝස්තු මස 31 වැනිදාට පෙර AIA Pension Calculator භාවිතයෙන් සිය තොරතුරු ලබාදෙන පුද්ගලයන් සියලු දෙනා දිනුම් ඇදීමකට සුදුසුකම් ලබනු ඇත. 2025 සැප්තැම්බර් මාසයේ දී දිනුම් ඇදීමකින් වාසනාවන්තයින් 5 දෙනෙකු තෝරාපත් කරගනු ඇති අතර, එම ජයග්‍රාහකයින් සියලු දෙනාට එක් ජයග්‍රාහකයෙකුට රු.75,000ක් බැගින් වටිනා හෝටල් වව්චර් පත් හිමිවෙනු ඇත.
AIA Pension Calculator, ඩිජිටල් පිවිසුමක් වන අතර මේ ඔස්සේ යම් දිනක ඔබ විශ්‍රාම යාමෙන් පසුව මාසිකව ඔබ අපේක්ෂා කරන්නා වූ ආදායම සඳහා අද දින කෙතරම් මුදලක් ඉතිරි කළ යුතුද යන්න ගණනය කර පෙන්වා දෙයි. මේ සඳහා ඔබගේ වර්තමාන ආදායම, ඔබ අපේක්ෂා කරන්නා වූ ජීවන රටාව සහ ඔබ විශ්‍රාම
සමයේ දී අපේක්ෂා කරන්නා වූ අරමුණු යන දේ සැලකිල්ලට ගැනෙනු ඇත. ඔබ දැනට පසුවන්නේ, වෘත්තීය දිවියේ ආරම්භයේ හෝ විශ්‍රාම යාමට ආසන්නයේ වුවද AIA Pension Calculator ඔස්සේ ඔබට මූල්‍යමය ලෙස ස්වාධීන අනාගතයක් ගොඩනඟා ගැනීමට දැනුම්වත් වීම සඳහා අවශ්‍ය තීරණ ගැනීම වෙනුවෙන් වන වටිනා අදහස් ලබා දෙනු ඇත.
මෙම වැඩසටහන ඔස්සේ, ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය වීම යන AIA හි සන්නාම ප්‍රතිඥාවට සැබෑ අරුතක් ගෙනදෙනු ලබන්නේ මෙමඟින් ඔවුන්ට කල්තියා විශ්‍රාමය සැලසුම් කිරීමට අනුබල දීම නිසයි. මේ සඳහා සහභාගි විය හැක්කේ වයස අවු. 19ත් – 68ත් අතර ජීවත්වන්නා වූ ශ්‍රී ලාංකිකයන්හට වන අතර, විශ්‍රාම අරමුදල් ගණන් බැලීම වෙනුවෙන් වන දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ගැන්වීමේ දී එක් පුද්ගලයෙකුගේ එක් සාර්ථක පිවිසුමක් පමණක් අදාළ වෙනු ඇත. මෙම අවස්ථාවට සහභාගි වීම පිළිබඳ වැඩිදුර විස්තර සඳහා www.aialife.com.lk වෙත පිවිස ඔබගේ අනාගත විශ්‍රාම අරමුදල ගණනය කර ඒ සඳහා තක්සේරු කරගැනීමක් අදම ලබා ගන්න.



