2025 වසරේ පළමු මාස 6 තුළ SLT-MOBITEL කැපී පෙනෙන දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි

2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින්  SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇති බව සාධනීය ගමනක් වෙනුවෙන් කැප වූ ජනතාවට දැනුම් දෙන්නේ මහත් සතුටිනි. එතැනින් නොනැවතී SLT-MOBITEL ආයතනය  මෙරට ඩිජිටල් අනාගතය වෙනුවෙන් තීරණාත්මක කාර්‍යක් ඉටුකරන්නා වූ  AI සහ ඩිජිටල් තාක්ෂණයේ භාවිතාවන් වේගවත් කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීමට සූදානමින් සිටී.

මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ පෙර වසරේ වාර්තා වූ රුපියල් මිලියන 323 ක අලාභයට සාපේක්ෂව, 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 4.3 ක වාර්තාගත බදු පසු ලාභයක් වාර්තා කිරීමට SLT-MOBITEL සමත් ව තිබීමයි. මෙම දැවැන්ත සාර්ථකත්වය තුළින් පන්නරය ලබමින්, රටේ ප්‍රධාන ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා නායකත්වය දීමේ හැකියාව SLT-MOBITEL සතු බවට මෙය හොඳම සාක්ෂියකි.  AI තාක්ෂණය, දත්ත පද්ධති සහ සම්බන්ධතා පහසුකම්වල ජාතික මට්ටමේ ධාරිතාව වැඩි කිරීමේ වැදගත්කම වැඩි වැඩියෙන් අවධාරණය කෙරෙමින් පවතින මෙවන් යුගයක අප ලැබුවා වූ මෙම සාර්ථකත්වය දැවැන්ත පිම්මක් වනු ඇත.

“SLT-MOBITEL ආයතනය මෙබඳු කැපී පෙනෙන මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරන්නේ, පසුගිය රජය යටතේ සමාගමේ අනාගතය පිළිබඳව බරපතළ අවිනිශ්චිතතාවන් රැසකට මුහුණ දී තිබූ පසුබිමකයි. නමුත් වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව ආරම්භයේ පටන්ම දැරූ ස්ථාවරය වූණේ SLT-MOBITEL ආයතනය විකුණා නොදැමිය යුතුය යන්නයි. මේ අනුව ජාතික සම්පතක් වන මෙම ආයතනයේ අනාගතය සුරක්ෂිත බවට පැහැදිලි සහතිකයක් වර්තමාන පාලනය යටතේ ආයතනයට හිමි වූ පසුබිමක් යටතේ, රජයේ මඟ පෙන්වීම මෙන්ම නිවැරදි නායකත්වයක්ද සමගින් SLT-MOBITEL දැවැන්ත පරිවර්තනයක ගමන ආරම්භ කළා. එහි පියවරක් වශයෙන් නව පැකේජ හඳුන්වා දීමටත්, පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීමටත්, ජංගම දුරකථන සේවා මෙහෙයුම් ස්ථාවර කිරීමටත් පියවර ගනු ලැබුවා. මේ ආකාරයට ක්‍රමෝපායික නායකත්වය, නිවැරදි ප්‍රාග්ධනය යෙදවීම සහ සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීම තුළින් තමන් සමඟ ගනුදෙනු කරන සියලු පාර්ශ්වයන්ගේ විශ්වාසය යළි දිනාගැනීමට වගේම, නව අරමුණක් සහ පැහැදිළි දැක්මක් සමඟින් තම ගමන් මඟ තහවුරු කරගැනීමටත් අද වනවිට  සමාගම සමත් වී තිබෙනවා. මේ වනවිට වේගයෙන් දියුණු වන ඩිජිටල් තාක්ෂණ අවකාශයේ සංකීර්ණ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීමේ හැකියාව ඇති සමාගමක් බවට එය පරිවර්තනය වී අවසන්. ඒ අනුව SLT-MOBITEL සමාගම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන සැලසුම් වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබාදෙමින් තිබෙනවා” යනුවෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

2025 දෙවැනි කාර්තුවේදී නිවැරදි මූල්‍ය කළමනාකරණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව හේතුවෙන් SLT-MOBITEL හි මෙහෙයුම් ලාභය 148% කින් ඉහළ නැංවුණු අතර මූල්‍ය පිරිවැය 18.9% කින් පහළ ගියේය. සමාගම් මට්ටමින් ගත් විට, පෙර වසරේදී රු. මිලියන 272 ක බදු පසු  ලාභයක් වාර්තා කළ SLT සමාගම මෙවර එය 873% කින් වර්ධනය කරගනිමින් රු. බිලියන 2.6 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය දැවැන්ත වර්ධනයක් වන අතර Mobitel සමාගම ශක්තිමත් මූල්‍ය ප්‍රවණතාවක් සලකුණු කරමින් තිබෙන බවට සහතිකයකි. එමෙන්ම  පසුගිය වසරේ ප්‍රථම අර්ධයේදී වාර්තා වූ රු. බිලියන 1.1 ක අලාභයට සාපේක්ෂව මෙම වසරේ ප්‍රථම අර්ධයේදී රු. බිලියන 1.1 ක බදු පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබීම ද මෙහි තිබෙන විශේෂත්වය යි.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism