Dialog e-Load Super Blast ප්‍රවර්ධන වැඩසටහනේ මහා දිනුම් ඇදීමට හිමි Toyota Raize SUV රථ තුනෙන්, ප්‍රථම SUV රථය දිනාගත් වගයි


මේ දක්වා ශ්‍රී ලංකාව පුරා ලක්‍ෂ හතක පාරිභෝගිකයන්ට තෑගි පිරිනමා ඇත.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, පාරිභෝගිකයින් අතර ඩිජිටල් රීලෝඩ් දිරිමත් කිරීමේ අරමුණෙන් දියත් කරන, “Dialog e-Load Super Blast” ප්‍රවර්ධන වැඩසටහනේ මහා දිනුම් ඇදීමෙන් පිරිනමන ප්‍රථම Toyota Raize SUV රථය පසුගියදා වාසනාවන්ත ජයග්‍රාහකයා වෙත ප්‍රදානය කරනු ලැබිණි. මේ වන විටත් රට පුරාම ජයග්‍රාහකයින් 700,000ක පිරිසකට වටිනා තෑගි පිරිනමමින් දියත් කර ඇති මෙම වැඩසටහන තුළින්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් ඩිජිටල් ක්‍රමවේද කරා යොමු විම වේගවත් කිරීමට ඩයලොග් තවදුරටත් කැපවෙයි.

අගෝස්තු 24 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවති “Dialog e-Load Super Blast presents Derana Boom Town” ප්‍රසංගයේදී, ඩිජිටල් රීලෝඩ් කිරීමෙන් ප්‍රථම Toyota Raize SUV රථය දිනාගත් වාසනාවන්ත ජයග්‍රහකයා බවට පත් වූයේ, බණ්ඩාරගම එල්. ලසන්ත කැලුම් මහතායි. ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවල පැවැත්වීමට නියමිත තවත් මහා දිනුම් ඇදීම් දෙකකින් තවත් මෙවැනිම Toyota Raize SUV දෙකක් පිරිනැමීමට නියමිතය. ඩිජිටල් රීලෝඩ් කරන පාරිභෝගිකයින්ට ව්ශාලතම තෑගි පිරිනමන මෙම වැඩසටහන දියත් කළ දා පටන් මේ දක්වාම පාරිභෝගිකයින්ට දිනපතාම රන් කාසි, ස්මාර්ට්ෆෝන් ඇතුළුව තවත් වටිනා තෑගි පිරිනමමින් ඩයලොග් දැනටමත් 700,000ක කට අධික පාරිභෝගිකයින් පිරිසක් ජයග්‍රාහකින් බවට පත්කර තිබේ. ඒ තුළින් ඔවුන්ට වටිනාම තෑගි පිරිනමන විනෝදාත්මක ඩිජිටල් රීලෝඩ් අත්දැකීමක් හිමිකර දීමට ඩයලොග් දක්වන කැපවීම පිළිබිඹු වේ.

“අපේ අරමුණ පාරිභෝගිකයින්ට සම්බන්ධතාවය ලබාදීම පමණක්ම නොවෙයි. පහසු ක්‍රම තුළින් ඔවුන් වැඩි වැඩියෙන් ඩිජිටල් තාක්ෂණය භාවිතයට යොමු කිරීමයි. ඒ අතරම, මෙවැනි වටිනා තෑගි හිමිකර දෙන ප්‍රවර්ධන වැඩසටහන් තුළින් අපගේ පාරිභෝගිකයන්ගේ ජීවිත ඉහළ නැංවීමට කටයුතු කිරීමයි.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා පැවසීය. “අප හඳුන්වා දෙන ඩිජිටල් ක්‍රමවලින් සුවිශාල පාරිභෝගික පිරිසක් මේ ආකාරයට ඵල ප්‍රයෝජන ලබාගන්නා ආකාරය දැකීමත් අපට ආඩම්බර විය හැකි කාරණයක්. පාරිභෝගික ජීවිත වෙනස් කරන මෙවැනි තෑගි තව තවත් පිරිනමමින්, අපගේ ඩිජිටල් ගමනේ ඔවුන් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට අපි කටයුතු කරනවා.”

සියලු ශ්‍රී ලාංකිකයින් ඇතුළත් කරගැනෙන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව පියනගද්දී, මෙවැනිවැඩසටහන් ගෙනඑමින් ඩයලොග් කැපවන්නේ, එම ගමනට එක්වන පාරිභෝගිකයින්ට පහසු, සුරක්ෂිත හා තෑගි හිමිකරදෙන ඩිජිටල් අත්දැකීම් පිරිනැමීමටයි. පාරිභෝගිකයින්ට, MyDialog App, Dialog.lk, WOW Superapp, banking apps හෝ වෙනත් ඕනෑම ඩිජිටල් payment ක්‍රමයක් හරහා රු. 100 කට වැඩි මුදලක් රීලෝඩ් කිරීමෙන්, මහා දිනුම් ඇදීම් දෙකෙන් මෙවැනිම Toyota Raize SUV රථ දෙකක් දිනාගැනීමට හැකි scratch කාඩ්පතක් හිමි වේ. එම කාඩ්පත් scratch කර, රන් කාසි, ස්මාර්ට්ෆෝන් සහ නොමිලේ Data වාසි ඇතුළු ක්ෂණික තෑගිද සමග මහා දිනුම් ඇදීමට එක්වීමට අවස්ථාව දිනාගැනීමට, අඛණ්ඩව ඩිජිටල් රීලෝඩ් කරන ලෙස පාරිභෝගිකයින් දිරිමත් කෙරේ. වැඩි විස්තර සඳහා, https://www.dialog.lk/e-load-super-blast වෙත පිවිසෙන්න.

ඡායාරූපය – (වමේ සිට) ඩයලොග් ආසිආටා පීඑල්සී හි Digital Platforms සහ සහයෝගිතා අංශයේ උප සභාපතිනි, මුදිතා ප්‍රේමරත්න මහත්මිය, ප්‍රථම Toyota Raize SUV රථයේ ජයග්‍රාහකයා වූ එල්. ලසන්ත කැලුම් මහතා සමග එම පවුලේ සාමාජිකයින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism