Douglas & Sons සහ Yuasa Asia හි සහයෝගීතාවයෙන් දේශීය මෝටර් රථ කර්මාන්තය සවිබලගැන්වේ

අන්තර්ජාතික වශයෙන් ඉහළ විශ්වාසයක් දිනා ගත් ජපානයේ Yuasa බැටරි සන්නාමය පිළිබඳ මෙරට එකම බෙදාහැරීම් නියෝජිතයා වන Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගම අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම නැවත වරක් තහවුරු කරන සුවිශේෂී උත්සවයක් පසුගියදා පැවැත්විණි. දශක 03කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට පැවැති සහයෝගීතාවය තවදුරටත් සවිමත් කළ මෙම අවස්ථාව සමඟ Yuasa Asia සහ Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගමේ නිලධාරීන් රැසක්  එක්ව සිටි අතර දිවයින පුරා විහිදී සිටින අලෙවි නියෝජිතයන් රැසක් ද සහභාගී වූහ.

Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සරෝජ් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ජයේන්ද්‍ර පිනිදියපතිරගේ මහතා, සමූහ විධායක අධ්‍යක්ෂ සුරේන් රාජනාදන් මහතා, අධ්‍යක්ෂ සිරිමල් දබරේරා මහතා සහභාගී වූ අතර GS Yuasa International හි විදේශීය විකුණුම් අංශයේ සාමාන්‍යාධිකාරී තකොමි මට්සුසාකි මහතා (Takaomi Matsuzaki) සහ  සයාකා ඉගුචි මහත්මිය ද (Sayaka Iguchi) සහභාගී වූහ. ඔවුන්ගේ සහභාගීත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය වෙත සිය දායකත්වය ලබාදෙමින් Yuasa සමඟ පවතින හවුල්කාරිත්වය සවිමත් කර ගැනීම සඳහා dsl දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් අවධාරණය විය.

Toyota, Honda, සහ Suzuki වැනි ප්‍රමුඛ පෙළේ මෝටර් රථ සන්නාම සඳහා උසස් ගණයේ මුල් උපකරණ නිෂ්පාදක (OEM) බැටරි සැපයුම්කරැවෙකු ලෙස Yuasa  ඉහළ විශ්වාසයක් දිනා ගනිමින් ලොව පුරා ප්‍රචලිත වී තිබේ.එමෙන්ම මේ වන විට එහි කාර්ය සාධනය, දිගුකල්පැවැත්ම සහ නවෝත්පාදනයන් ඔස්සේ කර්මාන්තය තුළ නව මිනුමක් සලකුණු කිරීමට Yuasa සමත් වී ඇත.විවිධ වාහන මාදිලිවලට ගැළපෙන පරිදි විශේෂයෙන්ම නිර්මාණය කර ඇති බැටරි පෙළක් Yuasa සන්නාමය යටතේ නිෂ්පාදනය කර ඇති අතර උසස් තත්ත්වය සහ ගුණාත්මකභාවය සමඟ ශ්‍රී ලංකාවේ මෝටර් රථ හිමියන්ගේ විශ්වසනීය තේරීමක් බවට පත්ව තිබේ.

Yuasa යනු ගෝලීය වශයෙන් ඉහළ කීර්තියක් දිනා ගත්  සන්නාමයක් පමණක් නොව එය විශ්වසනීයත්වය සහ කාර්ය සාධනය අඛණ්ඩව පාරිභෝගික ජනතාව වෙත පිරිනැමූ සන්නාමයකී.වසර ගණනාවක් පුරා Yuasa සහ Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගම අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව පුරා Yuasa සන්නාමය අඛණ්ඩව දියත් කිරීම කෙරෙහි අලෙවිකරුවන්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ  පක්ෂපාතිත්වය බෙහෙවින් ඉවහල් වී තිබේ.

මෙම අවස්ථාව සඳහා Yuasa Asia හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ පැමිණීම හරහා දේශීය වෙළෙඳපල කෙරෙහි  සමාගම තබා ඇති විශ්වාසය මැනවින් ඉස්මතු විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  Yuasa හි විදේශ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී තකොමි මට්සුසාකි මහතා (Takaomi Matsuzaki) මෙසේ ප්‍රකාශ කළේය.  “බැටරි තාක්ෂණය පිළිබඳව සියවසකට අධික විශිෂ්ටත්වයක් Yuasa සන්නාමය සතුව තිබෙනවා.එබැවින්  dsl සමඟ සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට ලැබීම වැදගත් කරුණක්. ශ්‍රී ලංකාව තුළ අපට අත්‍යවශ්‍ය වෙළෙඳපල අවස්ථාවක් පවතිනවා.මෙරට මෝටර් රථ කර්මාන්තයට ඉහළම ගෝලීය ප්‍රමිතීන්ට අනුව නිපැයූ අපගේ නිෂ්පාදන සපයමින් අපගේ සහයෝගය ලබාදීමට හැකියාව ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා .”

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය මෙන්ම සුවිශේෂී  බැටරි සන්නාමයක් ලෙස Yuasa සන්නාමය  ගොඩනැගීම කෙරෙහි dsl සහ එහි දිවයින පුරා විසිරී සිටින අලෙවි ජාලය උපකාරී වී ඇත.දිනෙන් දින වර්ධනය වන මෝටර් රථ අංශය තුළ සිය පැවැත්ම අඛණ්ඩව තහවුරු කරමින් Yuasa සහ dsl විසින් අලෙවිකරුවන් සහ ආයතන සමඟ පවතින සබඳතාවන් තවදුරටත් සවිමත් කිරීමට පියවර ගෙන තිබේ.දෙමුහුන් සහ තාක්‍ෂණික වශයෙන් දියුණු වාහන සඳහා ඇති ඉල්ලුම දිගින් දිගටම ඉහළ යමින් පවතින අතර Yuasa සහ dsl සිය නවෝත්පාදනය, විශ්වසනීයත්වය සහ අන්තර්ජාතික මට්ටමේ කීර්තියක් දිනා ගෙන ඇති ජපන් ඉංජිනේරු විද්‍යාව සමඟ ශ්‍රී ලංකාව සවිබලගැන්වීමේ පුරෝගාමියෙකු ලෙස සිය දායකත්වය සපයයි.

Yuasa batteries සහ Douglas & Sons (Pvt) Ltd (dsl) හි නව ඉදිරි පියවරක් මෙම අවස්ථාවත් සමඟ සනිටුහන් විය.

Share Article:

Considered an invitation do introduced sufficient understood instrument it. Of decisively friendship in as collecting at. No affixed be husband ye females brother garrets proceed. Least child who seven happy yet balls young. Discovery sweetness principle discourse shameless bed one excellent. Sentiments of surrounded friendship dispatched connection is he. Me or produce besides hastily up as pleased. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertise with us

We invite you to be one of our founding advertisers, giving your brand a first-mover advantage as we grow to become Sri Lanka’s most trusted business news platform.

Follow On Instagram

Recent Posts

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism

Dream Life in Paris

Questions explained agreeable preferred strangers too him her son. Set put shyness offices his females him distant.

Join the family!

Sign up for a Newsletter.

You have been successfully Subscribed! Ops! Something went wrong, please try again.
Edit Template

About

Media, Sports & News Agency. Social Media Platform for business & Economic News.

Recent Post

  • All Post
  • Bank & Finance
  • Beauty
  • Economy
  • Education
  • Entertainment
  • Food and beverage
  • Health
  • Lifestyle
  • Motor
  • Sports
  • Telecommunication
  • Top Story
  • Transport and logistics
  • Travel Tourism